පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය ගැන සෙවීමට කමිටුවක්

දෙසැ 06, 2021

    පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සතිය තුළ පත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.

    මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේ නැහැ.

    අදට නියමිතව තිබෙන්නේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි. 

    Latest News