ඒ සමග කඩු 4 ක් ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
පසුගිය 5 වැනිදා රාත්‍රීයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා ලුහුබැඳ ගොස් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබිණ.
‘කෙසෙල්වත්තේ ෆවාස්’ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එලෙස ඝාතනයට ලක්ව ඇති මොහොමඩ් කාමිල් මොහොමඩ් හෙවත් පවාස් (33) මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින මත ගැටුමක් ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, පොලීසිය ඊයේ පැවසී ය.