මිලියන 30ක අයිස් මත්ද්‍රව්‍ය රේගුව අල්ලයි

දෙසැ 06, 2021

    අද දින ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 126 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික මගියෙකු පරික්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයක් තුළ තිබී අයිස් හෙවත් (Methamphetamine) නැමැති මත්ද්‍රව්‍ය යැයි සැකකරන පාර්සල් දෙකක් කිරිපිටි අඩංගු පෙට්ටි වල සඟවා තිබියදී ශ්‍රී ලංකා රේගුවේ පැමිණීමේ පර්යන්තයේ සේවය කරන නිලධාරීන් විසිනි සොයා ගෙන තිබේ.

    මෙම සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය වල බර 1.5 kg මෙහි වෙළෙඳපොළ වටිනාකම මිලියන තිහකට ආසන්න වෙයි. සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

    මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සිදු කරමින් පවතී.

    වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ අත්අඩංගුවට ගන්න ලද මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දීමට කටයුතු කරනු ලබයි.

    Latest News