මහා මාතර නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කිරීමට පියවර....(වීඩියෝ)

දෙසැ 03, 2021
  • නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව මහා මාතර නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස මාතර මහ නගර සභාවට දැනුම් දුන්නා. ඒ, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, මාතර මහ නගර සභා නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් මහ රෝහල් නිලධාරීන් සමඟ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 2 පැවැති සාකච්ඡාවේ දී.

    මාතර නගරයේ ජීවත් වන සහ නගරයට පැමිණෙන ජනතාව සඳහා වඩාත් සුව පහසු පරිසරයක් හා නාගරික පහසුකම්වලින් සමන්විත ප්‍රදේශයක් නිර්මාණය කිරීම මහා මාතර නගර සංවර්ධන සැලැස්මේ අපේක්ෂාව වී තිබෙනවා.

    මාතර නගරයේ පරිපාලන ආයතන ඒකරාශි කිරීම, මහ රෝහල නවීකරණය කර පහසුකම් සැලසීම, ක්‍රමවත් රථගාලක් ඉදිකිරීම අත්‍යවශ්‍ය බව මෙහි දී පෙන්වා දුන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නගර ශාලාවක් නැති එක ම මහ නගර සභාව මාතර බව ද කියා සිටියා.

    නව සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා මාතර මහ නගර සභාවේ සහ මාතර මහ රෝහලේ සහයෝගය අවශ්‍ය වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පෙන්වා දුන්නා.

    සාකච්ඡාවේ දී මතු වූ කරුණු අනුව මාතර නිල්වලා ගඟබඩ උද්‍යානයේ ආරක්ෂිත වැට කඩිනමින් ඉදි කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නා. මාතර නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ අකුරැස්ස නගරය අවට මාර්ග පුළුල් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණා. මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනතා නියෝජිතයින්, නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News