ගෑස් ගිනිගැනීම් සෙවීමේ කමිටුවෙන් ජනතාවට උපදෙස් මාලාවක්

දෙසැ 03, 2021

    ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපාරායාම් පිළිබඳ විමර්ශනයට පත් කළ ජනපති කමිටුව ගෑස් ආශ්‍රිත අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්ෂණික පියවරක් ලෙස ජනතාව දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

    මොරටුව විශ්වවිද්‍යාලයේදී කමිටුවේ සියලු සාමාජිකයින් ඊයේ (01) රැස්වූ අවස්ථාවේ ඒකමතිකව මෙම උපදෙස් මාලාව නිකුත් කිරීමට තීරණය කළ බවයි,එම කමිටුවවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

    එමෙන්ම එල්.පී ගෑස් ආශ්‍රිත ගැටලු පවතී නම් අදාළ අලෙවි නියෝජිත, ළගම පොලිස් ස්ථානය හෝ පහත සඳහන් හදිසි දුරකථන අංක හා සම්බන්ධ වී ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ඒ අනූව, 011-5811927 හෝ 011-5811929 යන දුරකථන අංක හා සම්බන්ධ විය හැකියි.

    52a6916d 1

    d26b0c5f 2

    33389d04 3

    Latest News