අලුත්ගමගේ UNP 20 ක් ගැලවිමේ සුදානමක්

ඔක් 27, 2018

    බහුතරය අවශ්‍ය ඕනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරු 20 කට වැඩි පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ පවසයි.

    ඔහු පවසන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රට වෙනුවෙන් ගත් මෙම තීරනය ප්‍රසන්නීය බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා - “ අපි මේ වන විට ආණ්ඩු බලයක් ලබාගෙන වසර 03ක් පමණ වනවා. රටේ ජනතාව වෙනුවෙන් අපි කරපු දෙයක් නැහැ. ඒක නිසා මා පමණක් නොවේ තවත් විශාල පිරිසක් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයට එක්සත් ජාතික පක්ෂයෙන් එන්න ඉන්නවා යැයි ඔහු ප්‍රකාශ කලේය.

    Last modified on සදුදා, 29 ඔක්තෝබර් 2018 13:57

    Latest News