අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර

ඔක් 27, 2018

    අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත් කර ඇත. 

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථවේ බලතල ප්‍රකාරව ජනාධිපතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

    ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ ඔහු 2010 වසරේ සිට 2015 දක්වා ද අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු ලෙස ක්‍රියා කළා. 

    මිද්දෙණිය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ එස්. අමරසේකර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්.

    වසර 45ක පමණ පරිපාලන අත්දැකීම් ඔහු සතුයි. ඒ මහතා මහාමාර්ග, ධීවර, වරාය හා කෘෂිකර්ම යන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස ද ක්‍රියා කළේය.

    Last modified on සෙනසුරාදා, 27 ඔක්තෝබර් 2018 17:48

    Latest News