කෑගල්ල රෝහලේ සාර්ථක සැත්කමක්...

නොවැ 21, 2021

    මයෙලොෆබ්‍රෝසිස් නමැති දුලබ රෝගයෙන් පෙළුණු පුද්ගලයෙකුට සිදුකළ සැත්කම සාර්ථක වී ඇතැයි, කෑගල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ, ආනන්ද ජයවර්ධන මහතා පවසනවා.

    මෙම රෝගය, පුද්ගලයන් 100,000 න් එක් අයෙකුට ඇට මිදුළු තුළ හටගන්නා රෝගයක්. අක්මාවේ හා වකුගඩුවල ක්‍රියාකාරීත්වය අකර්මන්‍යව තිබූ, 65 හැවිරිදි කාන්තාවකට සිදුකෙරුණු සැත්කමකින්, ප්ලීහාව ඉවත් කළ බවයි, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා කියා සිටියේ. රෝගී තත්වය හේතුවෙන්, ප්ලීහාව අසාමාන්‍ය ලෙස විශාලවීම සිදුවෙනවා.

    Latest News