හෙට කොළඹට පැය 28ක ජල කප්පාදුවක්

නොවැ 12, 2021

    හෙට රාත්‍රී සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

    අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

    ඒ අනූව, නොවැම්බර් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 සිට නොවැම්බර් 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම ජල කප්පාදුව සිදුකෙරේ.

    ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දැක්වේ.

    • කොළඹ 04, 05, 06, 07 සහ 08
    • කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ
    • මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ

    Latest News