ප්‍රදේශ රැසකට අදත් වැසි...

ඔක් 31, 2021

    දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

    උතුර, උතුරු - මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත් වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන අතර,  උතුරු , උතුරු - මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100 කට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවත්, එම දෙපාර්තමේන්තුව පවසනවා.  

    ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

    Latest News