තීරණ ගන්න වැනෙන ආණ්ඩු වැඩක් නෑ

පෙබ 19, 2019

    එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට බිය නොමැති බවත් පළාත් සභා ඡන්දය හෝ ජනාධිපතිවරණයට වුවත් සුදානම් යැයි රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

    මාතලේ නාඋල පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රි ලංකාවේ දැවන්ත පක්ෂය බැවින් කිසිදු අවස්ථාවක ඡන්දවලට බියක් නොමැති බවයි.

    රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා "ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න මෙම මහ කන්නයේදී අපේක්ෂා කරනවා. ඒ මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක්. එම වි අස්වැන්න මිලදී ගන්න රජය සහතික මිලක් ලබාදී තිබෙනවා. නාඩු සදහා රුපියල් 38ක් සමිබා 41කට මිලදී ගැනීම කරනවා. හෙට සිට අම්පාර ප්‍රදේශයේ වී මිලදි ගැනිම සදහා රපියල් මිලියන 250ක් ලබාදී තිබෙනවා. වී ගබඩා කිරිමට ගබඩා 200ක් සුදානම්. අද විපක්ෂයට මාර්තෘකා නෑ හිතලවත් නැති ව්‍යවස්ථාව ගැන කියාල රට දෙකට කඩනවා කියනවා. බුද්ධාගමට තැනක් නැති වෙනවා කියිය. ඒවට උත්තර දේනන ලැස්ති වෙන්න. අද වුනත් ජනාධිපතිවරනයක් පවත්වන්න ජනාධිපතිතුමාට පුළුවන් මම කියන්නේ ජනාධිපතිවරණයක් පවත්තමු කියලා. තින්දු තිරණ ගැනිමේදී මෙහෙම වැනෙන ආණ්ඩු තිබිලා වැඩක් නෑ. අපිට ඕන ශක්තිමත් ආණ්ඩුවක් යැයි" අලුවිහාරේ මහතා පැවසීය.

    Latest News