මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය අද

ඔක් 19, 2021

    මිලාදුන් නබි උත්සවය හෙවත් මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය අදයි. එය සිහිපත් කරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනූව, විවිධ උත්සව සංවිධාන කර තිබේ.

    මීට වසර 1,400කට පෙර සෞදි අරාබියේ මක්කම නගරයේ දී මුහම්මද් නබිතුමා උපත ලද බව ඉස්ලාම් ඉතිහාසයේ සඳහන්. අශීලාචාර ක්‍රියාකාරකම් පැවති යුගයක උපත ලැබූ නබිතුමා,සියලු ජනතාව ඒකරාශී කරමින් ඉස්ලාම් දහමේ සාමය හා සමානතාව ව්‍යාප්ත කිරීමට ක්‍රියා කළා. අල්ලාහ් දෙවියන්ගේ අණ ලෝක ජනතාවට පැහැදිලි කළ එතුමා අධ්‍යාත්මික ජීවිතයෙන් මිනිසාගේ මනස හා සිතුවිලි වර්ධනය කිරීමට හැකි වන ආකාරය ද පෙන්වා දුන්නේය. දිවයිනපුරා මුස්ලිම් පල්ලිවල දී ද නබි නායකතුමාගේ ජන්ම දිනය අද සැමරෙයි.

    ලෝක ජනතා ගෞරවයට පාත්‍ර වී සිටින නබි තුමාගේ ජීවිතාදර්ශයන්ට ගරු කරන ශ්‍රී ලංකා ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ජගත් ඉස්ලාම් ජනතාවගේ ජීවිත ආලෝකවත් වී සියලුදෙනාට සෞභාග්‍ය උදා වේවායි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රාර්ථනා කරයි.

    නබිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන්, ජනාධිපතිතුමා නිකුත් කළ සුභාසිංසන පණිවුඩයේ මේ බව සඳහන්. සියලුදෙනාට විශ්වාස කළ හැකි පුද්ගලයෙක් වීම සඳහා අවශ්‍ය වනුයේ,කරුණාව හා අවංකභාවය යැයි,නබිතුමා ලෝකයට පෙන්වා දී තිබේ. ඕනෑම සමාජයක වෙසෙන මිනිස් වර්ගයාගේ චින්තනය හා චර්යාවේ පදනම බවට පත්වී තිබේ.

    Latest News