ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් හා ආඥාපනත් පාර්ලිමේන්තුවට

ඔක් 19, 2021

    ගව ඝාතනය තහනම් කිරීමට අදාළව කෙටුම්පත් කොට ඇති පනත් හා ආඥාපනත් රජයේ ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    ඒ ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී. ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන සම්මත කරන ලද අනුනීති සංශෝධනය කිරීමට ඉකුත් වසරේ සැප්තැම්බර් 28 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දුන්නේය.

    ඒ අනූව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත 1893 අංක 9 දරන ගව ඝාතක ආඥා පනත ඇතුළු පනත් 5ක් සංශෝධනය සඳහා නීති කෙටුම්පත් සම්පාදකයා විසින් පනත් කෙටුම්පත් සකස් කර තිබේ. නීතිපතිවරයා ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුකූල බව සහතික කරනු ලැබීය.

    මෙය අග්‍රාමාත්‍යතුමා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක්.

    Latest News