ජනතාව වගකීම් විරහිතව හැසිරුණහොත්, නැවතත් රට වැසීමට සිදුවනවා; විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...(වීඩියෝ)

ඔක් 18, 2021
  • ජනතාව වගකීම් විරහිතව හැසිරුණහොත්, නැවතත් රට වැසීමට සිදුවනු ඇතැයි, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

    පළාත් අතර රෝග ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සංචරණ සීමාවන්ට අනුව ජනතාව ක්‍රියා කළ යුතු බවයි, ඔහු අවධාරණය කරන්නේ. අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ අවසර නොමැතිව පළාත් අතර සංචරණය සඳහා පැමිණි පුද්ගලයින් 1,523 දෙනෙකු සහ වාහන 889ක් පොලිසිය ආපසු හරවා යවා තිබෙනවා.

    Last modified on සදුදා, 18 ඔක්තෝබර් 2021 20:15

    Latest News