ප්‍රථම වරට පූර්ණ නිර්වින්දනයකින් තොරව, වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කමක්

ඔක් 02, 2021

    රෝගියා පූර්ණ නිර්වින්දනය නොකර, වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කමක් කළුතර දිස්ත්‍රික් රෝහලේදී අද සාර්ථකව සිදු කර තිබෙනවා.

    මෙරට රජයේ හෝ පෞද්ගලික රෝහලක එවැනි සැත්කමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වේ. ලොව නවීනතම තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක ආධාරයෙන් එම සැත්කම සිදුකර ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ 350 කට අධිකයි. රෝගියාගේ වකුගඩුවල තිබූ සෙන්ටිමීටර් 5 ක ප්‍රමාණයෙන් යුත් ගලක් සහ තවත් ගල් රාශියක් කෙටි කාලයකදී ඉවත් කිරීම කළුතර දිස්ත්‍රික් රෝහලෙදී මෙසේ සිදුකෙරුණා.

    පූර්ණ නිර්ව්න්දනයකට ලක් නොකර, ස්ථානීය නිර්වින්දනයකට පමණක් යොමුකර, රෝගියා සමග සුහද සාකච්ඡා කරමින් හා දැනුවත් කරමිනුයි, සැත්කම සිදු කර ඇත්තේ. ඊට, පැය 02 ක් පමණ ගතවේයැයි මුලදී අනුමාන කළද, අධිබල ලේසර් තාක්ෂණය භාවිතයෙන් පැය බාගයක් වැනි කාලයකදී සැත්කම අවසන් කිරීමට හැකිවූ බව, එම රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ‍ශල්‍ය වෛද්‍ය විශේෂඥ කලන පරණපල්ලියගුරුගේ මහතා ප්‍රකාශ කර ඇත.

    මේ හේතුවෙන් රෝගියාට දින කිහිපයකදී සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේ අවස්ථාවද උදාවේ. ලොව නවීන තාක්ෂණයෙන් යුත් මෙම යන්ත්‍රයේ සේවාව, දිවයින පුරා සිටින ඕනෑම අයෙකුට ලබාගැනීමේ හැකියාව ද පවතී. සැත්කම සිදු වන අවස්ථාවට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නායක මහතා ද එක්ව සිටියා.

    Last modified on සෙනසුරාදා, 02 ඔක්තෝබර් 2021 18:20

    Latest News