මහරගම අපේක්ෂා රෝහල සඳහා අශෝක් ලේලන්ඩ් සේවක සුභ සාධක සංගමය මගින් නවීන බස් රථයක් පරිත්‍යාග කර තිබේ. 306 සී 2 ජාත්‍යන්තර සිංහ සමාජයේ මැදිහත්වීම ද ඊට ලැබී ඇත.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, අශෝක් ලේලන්ඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි උමේෂ් ගෞතම්, දිස්ත්‍රික් 306 සී 2 සිංහ සමාජයේ සිංහාධිපති රොෂාන් කාංචන යාපා, මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන් ද මේ සඳහා එක්ව සිටියහ.