අක්මීමන නව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්

පෙබ 17, 2019

    ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ ඉදි කෙරෙන යෝජිත නව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට අද (17) මුල්ගල තැබිණ.

    ලංකාවේ ඉදිවන විශාලතම සම්මන්ත්‍රණ ශාලාව මෙයවේ. උත්සවය, කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. රජය ඊට වැය කරන මුදල රුපියල් බිලියන 2.7ක්. සම්මන්ත්‍රණ ශාලාව ආසන 2,000කින් සමන්විත වේ. 500කට පමණ සහභාගි විය හැකි උත්සව ශාලාවක් ද එහි ඉදි කෙරේ.

    මීට අමතරව, රංග පීඨයක්, පිහිනුම් තටාකයක්, බෝට්ටු සේවයක් සහිත ඇල මාර්ගයක්, කෞතුකාගාරයක් සහ වාහන 1,000ක් නැවැත්වීමට හැකි රථගාලකින් ද මේ නව සම්මන්ත්‍රණ ශාලාව සමන්විත වේ. එහි ඉදිකිරීම් මාස 18කදී අවසන් කෙරේ. අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ අදහසකට අනුව මෙය ඉදිකිරිමට නියමිතයි.
    දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 20:17

    Latest News