ලක්දිව ඉංජිනියර්ස් නවීකරණය කළ පළමු වාහනය රාජ්‍ය වැවිලි සංස්ථාවට...

සැප් 29, 2021

    ඒකල, ලක්දිව ඉංජිනියර්ස් ආයතනය නවීකරණය කළ පළමු වාහනය රාජ්‍ය වැවිලි සංස්ථාව වෙත අද (29) දින බාරදෙනු ලැබුවා.

    ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මෙම වාහන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.  රාජ්‍ය ආයතනවල පරිහරණයෙන් පසු භාවිතයෙන් ඉවත් කර ඇති රථ වාහන නැවත භාවිතයට ගත හැකි ලෙස අලුත්වැඩියාව, පසුගියදා අරම්භ කෙරුණා. එහි නවීකරණය කෙරුණු පළමු වාහනය රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ශ්‍රීමාල් විජේසේකර මහතා වෙත ලක්දිව ඉංජිනියර්ස් සභාපති තුෂාන් වෑගොඩපොළ මහතා විසින් අද බාරදෙනු ලැබුවා.

    මෙතෙක් කලක් රාජ්‍ය ආයතනවල භාවිතයෙන් පසු ගර්භිත තත්වයට පත් වන වාහන අඩු මුදලට වෙන්දේසි කෙරුණ ද ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. මේ වන විටත් ලක්දිව සමාගම වෙත රථවාහන රැසක් අලුත්වැඩියාව සඳහා ලැබී ඇති අතර එම වාහන සියල්ල නැවත ධාවනය කළ හැකි ලෙස අලුත්වැඩියා කිරීමෙන් පසු අදාළ රාජ්‍ය ආයතන වෙත යලි බාරදීමට නියමිතයි.

    Latest News