අද පැය 10ක ජල කප්පාදුවක්

සැප් 29, 2021

    විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රධාන ජල නළ මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරීම හේතුවෙන් අද (29) දින ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජාල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.

    ඒ අනූව පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

    ඒ අනුව, ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ උඩුගම, පළාපත්වල, දොස්තරවත්ත, දුංකළවත්ත, මකුලුගහරූපප, සාප්පුවත්ත, සමන්දාව, කිරිගල්පොත්ත, නිකවල B සහ C කොටස, මාතලේ මහා නගර සභා සිමාව, A – 9 මාර්ගය, තැන්න, උඩුපිහිල්ල, අලුවිහාරය, කලුදෑවල, කොටුවේගෙදර, කුඹියන්ගොඩ, මණ්දණ්ඩාවල, රත්තොට පාර, අගලවත්ත, පාරාවත්ත, කිවුල හා විහාරපාර වේ.

    Latest News