වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට අගමැතිගෙන් නියෝගයක්

සැප් 24, 2021

    වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත



    අද(24) සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදීයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නියෝගය ලබාදුන්නේය.

    මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එසේ නිදහස්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හරහා ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන්නැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දසහල් දී ඇත.

    සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව වෙළෙදපොලට නිකුත් කිරීමේ වගකීම වෙළෙද අමාත්‍යංශයේ නිලධාරීන් සහ කෘෂිකර්ම නිලධාරීන් දැරිය යුතු බවට ද මෙහිදී අවධාරණය කෙරිණ.

    Latest News