මත්තලට විශේෂ සහන පැකේජයක්...

සැප් 20, 2021

    මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපලේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් අරම්භ කරන ගුවන් සමාගම් සඳහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

    ඒ, එම ගුවන් තොටුපළ සඳහා අන්තර්ජාතික ගුවන් සමාගම් ආකර්ශනය කර ගැනීමේ අරමුණින්.  මෙතෙක් මත්තල ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් සිදු නොකළ අන්තර්ජාතික ගුවන් සමාගම්වලට එම සහන පැකේජය ක්‍රියාත්මකයි. මෙහෙයුම් ආරම්භ කරන දින සිට වසර 02 ක කාලයක් සඳහා ඩොලර් 60 කට ගුවන් තොටුපල විගමන බද්ද අය නොකිරීමට ද යෝජනා වී තිබෙනවා.

    ගුවන් යානා ගොඩබැස්සවීම හා නැවතුම් ගාස්තු සඳහා ද සහන ලබාදීමට නියමිතයි. ගුවන්තොටුපලේ මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර 04 ක් දක්වා එම ගාස්තුවලට වට්ටම් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. පළමු වසරේ දී ගුවන් යානා ගොඩබැස්සවීම හා නැවතුම් ගාස්තු සම්පූර්ණයෙන්ම නිදහස් කෙරේ. දෙවැනි වසර සඳහා එම සහනය 75% ක්. තෙවැනි වසර සඳහා 50% ක සහනයක් හිමවන අතර සිව්වැනි වසරේදී එම ගාස්තුවලින් 25% ක් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    Latest News