ගරු විදුහල්පති සංගම් සහ අමාත්‍යවරයා අතර හමුවක්...

සැප් 16, 2021

    මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම්වල නිරත ගුරුවරුන්ට සිදුවන බලපෑම් හා තර්ජන පිළිබඳව ගුරු විදුහල්පති සංගම්,  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාව අද බත්තරමුල්ල පිහිටි එම අමාත්‍යාංශයේදී  දැනුවත් කරන ලදි.  

    අමාත්‍යවරයා හමු වූ ගරු විදුහල්පති සංගම් නියෝජතයන් කියා සිටියේ, මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකරණ ගුරුවරුන්ට සිදු කරනු ලබන බලපෑම් හා තර්ජන පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇති බවයි. එබැවින් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කිරීමට බාධා කරන පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව වැඩිදුරටත් ඔවුන් කියා සිටියා.

    Latest News