අත්බෝම්බ සිද්ධියට 2 ක් අත්අඩංගුවට...

සැප් 16, 2021

    නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මාධ්‍යයට මේ බව ප්‍රකාශ කළා.  පසුගිය 14 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු උප්පුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු රෝහලේ ඉදිකිරීම් කටයුත්තක් සිදුකරණ ආයතනය සේවයේ යෙදී සිටි බවටයි, පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ. අත්බෝම්බය පළමුව දැක් ඇත්තේ, එම සැකකරු බවයි, පොලිසිය ප්‍රකාශ කරන්නේ.

    Latest News