තණකොළ වගා කරන්නට කැමති අයට රජයේ ඉඩම්

සැප් 16, 2021

    දියර කිරි නිෂ්පානය ප්‍රවර්ධනය සදහා කිරි ගවයින්ට ප්‍රමාණවත් තණකොළ නොලැබීම නිසා කිරි නිෂ්පාදනය අඩු වී ඇති බව වාර්තාවේ.

    එබැවින් තණකොළ වගා කරන්නට කැමති අයට රජයේ ඉඩම් ලබා දී තණකොළ වගාව ප්‍රවර්ධනය කිරිමටත් එසේ වගා කරන තණකොළ කිරි ගොවින්ට හා ගෙවිපලවලට අලෙවි කිරිමටත් අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කිරිමටද අද (16) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අවධානය යොමු විය. එමෙන්ම කිරි ගවයින්ට අමතරව එළුවන් ඌරන් වැනි සත්ත්ව ගොවිපල ප්‍රවර්ධනය කීරිමටත් අද පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් එම අමාත්‍යාංශයේ ලේකම් හා සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

    Latest News