සත්ව ආහාරත් "අත්‍යාවශ්‍ය ආහාර" වෙයි

සැප් 16, 2021

    සත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය.

    සත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ව පාලනයේ නියුතු ගොවින් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ව ආහාර මිළ ඉහළයාම නිසා සත්ව නිෂ්පාදනද ඉහළ යාමට පටන්ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

    Latest News