බස්නාහිර පළාතට භූ කම්පන මැනිමේ මධ්‍යස්ථානයක්

සැප් 16, 2021

    ශ්‍රී ලංකාව සහ ඒ අවට සිදුවන භු කම්පන මැනීම සඳහා මධ්‍යස්ථානයක් බස්නාහිර පළාතේ ස්ථාපනය කෙරේ.

    එය මෙරට ක්‍රියාත්මක කෙරෙන 5 වන භු කම්පන මධ්‍යස්ථානයයි. කෙසේ වෙතත් භු විද්‍යාඥයින්ගේ මතය වන්නේ ශ්‍රී ලංකාවට එවැනි මධ්‍යස්ථාන 3 ක් ප්‍රමාණවත් බවයි.

    ශ්‍රී ලංකාව භූමි කම්පාවක් සිදුවිය හැකි අවදානම් කලාපයේ පිහිටා නොමැති නමුත් ඉන්දුනීසියාව අවට සිදුවන භූ කම්පන හේතුවෙන් සුනාමි තත්ත්වයන්ට ගොදුරුවීමේ ඉඩකඩක් පවතින බව වාර්තා වේ.‍

    ඉදිරි කාලයේදී ශ්‍රීි ලංකාවට දැවැන්ත භුමි කම්පාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අනතුරු අගවා තිබෙ. මේ පිළිබඳව භු විද්‍යා හා පතල් කාර්යාංශයේ භු විද්‍යාඥයින් සමග සාකච්ඡා කර විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    Latest News