දිවයින පුරා එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මකයි...(වීඩියෝ)

සැප් 11, 2021
  • මෙරට දිස්ත්‍රික්ක 21 ආවරණය වන පරිදි ස්ථාන 295කදී අද (11) කොවිඩ් ප්‍රතිශක්තිකරණ, එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.

    මේ වනවිට මෙරට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පිරිස එක්කෝටි හාර ලක්‍ෂ 6048ක්. මෙරට ජනතාවට මේ වනවිට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය දෙකෝටි 37 ලක්‍ෂ 77,338ක්.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව, ඊයේ 5690කට සහ දෙවැනි මාත්‍රාව 1247කට ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 85,784ක්. එහි දෙවැනි මාත්‍රාව එක් ලක්‍ෂ 69,591කට ලබාදී තිබේ. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 13,891කට සහ දෙවැනි මාත්‍රාව 314කට ඊයේ ලබාදී තිබේ. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 165ක්. එහි දෙවැනි මාත්‍රාව 13,933කට ලබාදී තිබේ.

    ඉකුත් දින 07දී එන්නත් මාත්‍රා 20 ලක්‍ෂ 6312ක් මෙරට ජනතාවට ලබාදී තිබේ. ඊයේ ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව දෙලක්‍ෂ 90,615ක්. වයස අවුරුදු 20ත්, 29ත් අතර පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි. විහාර මහා දේවි උද්‍යානයේ අදත් එන්නත්කරණ වැඩසටහනක් පැවැත්වේ. එහිදී වයස අවුරුදු 20ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට එන්නත් ලබාගත හැකියි.

    Last modified on සෙනසුරාදා, 11 සැප්තැම්බර් 2021 16:23

    Latest News