හෙරොයින් සමඟ විදේශීය බහුදින යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට

සැප් 11, 2021

    ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ තවත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය බහුදින යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරක් අනුවයි ඊයේ රාත්‍රී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ ක්‍රියාත්මක නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදාව හා ඒකාබද්ධව දින කිහිපයක් තිස්සේ කරන ලද විමර්ශනාත්මක මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම හෙරොයින් තොගය සහිත යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකිවිය. කිලෝග්‍රෑම් 150කට අධික හෙරොයින් තොගයක් මෙහි අඩංගු වන බවට, දැනට ගණනය කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අදාළ විදේශීය ධීවර යාත්‍රාවේ සිටි විදේශීය සැකකරුවන් 9 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනු බවයි.

    Latest News