ලක්මව රණින් බැබළවූ දිනේෂ්ට නව නිවසක්....(වීඩියෝ)

සැප් 10, 2021
  • ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාට නව නිවසක් ලබාදෙන ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

    මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ජේදයක් සටහන් කරමින් දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගත්තේය. රටට අත්කර දුන් ගෞරවය සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍යතුමා ඔහුට නිවසක් ලබාදීමට තීරණය කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතියකින් අදාළ නිවස කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස අගමැතිතුමා දැනුම් දී තිබේ.

    ඒ අනුව, සුදුසු නිවාස ව්‍යාපෘතියකින් නිවසක් හඳුනා ගෙන, එය දිනේෂ් ප්‍රියන්තට ප්‍රදානය කිරීමට සූදානම් කරන්නැයි, අමාත්‍යාංශ ලේකම්වරයා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට මේ වනවිටත් උපදෙස් දී තිබේ.

    රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාට උපහාර පිදීමේ උත්සවයක් අද ඔහුගේ උපන් ගම වන අනුරාධපුර කාගම ප්‍රදේශයෙහි පැවැත්විණ.

    Last modified on සෙනසුරාදා, 11 සැප්තැම්බර් 2021 10:25

    Latest News