එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව කෝටිය ඉක්මවයි....(වීඩියෝ)

සැප් 10, 2021
  • මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබේ.

    එක්කෝටි දෙලක්‍ෂ 11,537කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට මේ වනවිට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය දෙකෝටි 34 ලක්‍ෂ 76,343ක්. ඉකුත් දින 07 දී එන්නත් මාත්‍රා විසි ලක්‍ෂ 7,031ක් මෙරට ජනතාවට ලබාදී තිබේ. ඊයේ ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව තුන් ලක්‍ෂ 52,008ක්.

    වයස අවුරුදු 20ත්, 29ත් අතර පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි. තවත් එන්නත්කරණ වැඩසටහනක් අද කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ දී ද පැවැත්විණ.

    ullscreen>
    Last modified on සෙනසුරාදා, 11 සැප්තැම්බර් 2021 11:28

    Latest News