සෞඛ්‍ය අංශවලට නොදන්වා රහසේම මිහිදන් කළ දේහය ගොඩ ගැනේ

සැප් 10, 2021

    සෞඛ්‍ය අංශවලට නොදන්වා රහසේම මිහිදන් කළ පුද්ගලයෙකුගේ දේහය අද දින දේහය ගොඩ ගැනීම සිදුවිය.



    සෞඛ්‍ය අංශවලට නොදන්වා රහසේම මිහිදන් කළ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි මියගිය අදාළ පුද්ගලයාගේ දේහය පුත්තලම මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතාගේ නියෝග මත ඒ මහතා ඉදිරියේ අද දින දේහය ගොඩ ගැනීමට සිදුවිය.

    දේහය පුත්තලම මූලික රෝහලට රැගෙන ගොස් ජෛව පටල සාම්පල ලබාගෙන නැවතත් එම දේහය මිහිදන් කරන ලෙස මහේස්ත්රාාත්වරයා නියෝග කළේය.

    56 හැවිරිදි මොහොමඩ් නිස්තාර් නැමති අය මෙසේ හදිසියේම ඉකුත් 4 දින මරණයට පත්ව ඇත.

    මොහොමඩ් නිස්තාර් නැමති අය හදිසියේ මිය යෑමෙන් පසු එකම නිවසේ පදිංචිව සිටි මව හා දියණිය කෝවිඩ් ආසාධනය වීමෙන් 06 වෙනි දින මරණයට පත්වූ අතර ඉන් දින දෙකකට පෙර මරණයට පත්වු පියාගේ සිරුර සම්බන්ධව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සිදුකළ පැමිණිල්ලකට අනුව විශේෂ පරික්ෂණයක් සිදු කර පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් පුත්තලම අධිකරණයට සිද්ධිය සම්භන්ධව කරුණු වාර්තා කිරීමෙන් පසු දේහය ගොඩ ගැනීමට සිදුවිය.

    පුත්තලම වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ දේහය මිහිදන් කර තිබිණි. මෙම කොරෝනා මරණ සිදුවු නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු තුනක දරුවෙකු ඇතුළු හය දෙනෙකු නීරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

    මෙසේ කෝවිඩ් ආසාධිතව මරණයට පත්ව ඇත්තේ පුත්තලම මන්නාරම මාර්ගයේ වෙප්පමඩුව පදිංචිව සිටි මියගිය අයගේ බිරිද වන 51 හැවිරිදි සිත්ති අජීබා හා ඇගේ දියණිය වන 37 හැවිරිදි ෆාතිමා සහානා නැමති එකම නිවසේ පදිංචි අය වේ.

    මෙම පවුලේ ගෘහ මුලිකයා වු 56 හැවිරිදි මොහොමඩ් නිස්තාර් නැමති අය හදිසියේම 4 දින මරණයට පත්ව ඇති බවත් ඔහු ප්‍රථිකාර ලබා ගත් පුත්තලම ආයුර්වේදයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙසේ ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරියා දැනුවත් කිරීමෙන් පසු වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කර තිබේ.

    මෙම මරණය සම්බන්ධව සෞඛ්‍ය අංශ දැනුවත් නොකර සිටීම බරපතළ ගැටලුවක් විය.

    මෙම තැනැත්තාගේ අවසන් කටයුතු කිසිදු නිරෝධායන නීති රිති මත සිදුකර නැති බවත් මොහු මරණයට පත්ව දින දෙකකට පසු එනම් 6 වෙනි දින එකවරම අසාධ්‍ය වු මරණයට පත්වු තැනැත්තාගේ දියණීය පුත්තලම මුලික රෝහලට ඇතුලත් කරන විටත් කෝවිඩ් ආසාධිත බව සනාථ විය. ඇය පැය කිපයකින් මරණයට පත්ව ඇත.

    දියණිය මරණයට පත්වි පැය කිපයක් යාමටත් පෙර 51 හැවිරිදි ඇගේ මවද නිවසේ ඇද වැටි සිහිසුන් නොමැතිව සිටියදි පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇත. ඒ වන විටත් ඇය මරණයට පත්ව තිබුණි.
    මෙම කාන්තාවට පුත්තලම මුලික රෝහලේදි සිදුකළ ඇන්ටිජන් පරික්ෂණයෙන් පසුව සනාථ වි ඇත්තේ ඇය ද කෝවිඩ් ආසාධිතව සිට ඇති බවයි.

    Latest News