දර කැඩිමට ගොස් අතුරුදහන්ව සිටි තරුණිය දින පහකට පසු හමුවෙයි

සැප් 10, 2021

    අතුරුදහන්ව සිටි තරුණිය දින පහකට පසු ඩන්සිනන් රක්ෂිතයේ අතරමංව සිටියදි ඊයේ(09) පස්වරුවේ සොයා ගෙන තිබේ.

    මෙසේ සොයාගනු ලැබුවේ නුවරඑලිය වත්ත පහල කොටසේ පදිංචි ජෙයබාලන් කර්පුගධාරණි නැමති 26 හැවිරිදි තරුණියයි.

    තරුණිය සොයා යුද්ධ හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ සෙවීම් සහ මුදවා ගැනීමේ මෙහෙයුමකින් පසු එම තරුණිය සොයා ගන්නා ලදී.

    01--2.jpg

    තරුණිය ඉකුත් 05 දින සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර සෙවිමට ගිය අවස්තාවේ තරුණිය රක්ෂිතය තුල අතුරුදහන් විමෙන් අනතුරුව නුවරඑලිය යුධ හමුදා කදවුරේ නිලධාරින්, නුවරඑලිය පොලිසියේ නිලධාරින් සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් 05 දින සිට දින පහක් තිස්සේ පැය 96 ක් අතුරුදහන් තරුණිය සොයා මෙහෙයුම් දියත් කර තිබුණි.

    මෙහෙයුම දියත් කර තිබු යුධ හමුදා නිලධාරින් විසින් රක්ෂිතය අසල ගම්මානවල පදිංචිකරුවන්ද දැනුවත් කර තිබිම හේතුවෙන් එම තරුණිය සොයා ඊයේ (09) දින නුවරඑලිය ශාන්තිපුර ප්‍රදේශවාසින් නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ දවස පුරා සිදු කළ මෙහෙයුමකදි එම තරුණිය රක්ෂිතය තුල කැගසමින් සිට ඇති අතර , එහිදි එම තරුණිය රක්ෂිතයෙන් පිටතට ගෙන ඒමට නුවරඑලිය ශාන්තිපුර ගම්වාසින් කටයුතු කර ඇත.

    දින ගණනාවක් නිරආහාරව කුසගින්නේ සිට ඇති එම තරුණියට ගම්වාසින් විසින් ආහාරපාන ලබා දි පසුව නුවරඑලිය යුධ හමුදා කදවුරේ නිලධාරින්ට සහ නුවරඑලිය පොලිසියේ නිලධාරින්ට භාර දි ඇත.
    අතුරුදහන්ව සිටි තරුණිය කියා සිටින්නේ ඩන්සිනන් රක්ෂිතයේ මව සමග දර කැඩිමට ගිය අවස්තාවේ සිය මව මග හැරුණු බවත්, ඉන් අනතුරුව රක්ෂිතයේ මාර්ගවල කිහිපයක ගමන් කළ තමන් අතරමං වු බවයි.

    01--7.jpg

    රාත්‍රී කාලයේ රක්ෂිතය තුල එක් තැනකට වි සිටි බවයි එම තරුණිය කියා සිටින්නේ.
    තරුණිය අතුරුදහන් වු ඩන්සිනන් රක්ෂිතයේ සිට තරුණිය හමු වු නුවරඑලිය ශාන්තිපුර කිකිලියාමාන රක්ෂිතයට කිලෝමිටර් හයක පමණ දුරකින් යුක්ත බවද මෙහෙයුම දියත් කල යුධ හමුදා නිලධාරින් කියා සිටියි.
    රක්ෂිතයේ අතරමංව සිට සොයාගත් තරුණිය නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

    Latest News