දුරස්ථ අධ්‍යාපනය වෙනුවෙන් ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්

සැප් 07, 2021

    කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් දරුවන්ට සමීප කිරීමේ රජයේ වැඩසටහන යටතේ ස්ථාපනය කරන ලද ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය (National Streaming Hub) බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද ආරම්භ කෙරිණ.

    ඒ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    නවීන තාක්ෂණය හා අධිවෙහි අන්තර්ජාල සබඳතා වලින් සමන්විද මෙම මධ්‍යස්ථානය මඟින් ජාතික අධ්‍යාපනය ආයතනය සකසන සියලු විෂයානුබද්ධ වැඩසටහන්, විෂය නිර්දේශයන් ආවරණය වන පරිදි රූපවාහිනී නාලිකා හා වෙබ් නාලිකාවෙත සම්ප්‍රේෂණය කෙරේ.

    එම වැඩසටහන්වල ගුණාත්මක බව හා පෙළගැස්ම විෂය අධ්‍යක්ෂවරුන්ගේ නිරන්තර අධීක්ෂණය මෙම මධ්‍යස්ථානය තුළ සිදුවන අතර තාක්ෂණික දෝෂ ද මෙහිදී නිරාකරණය කිරිමට පහසුකම් සළසා ඇත.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත මෙම මධ්‍යස්ථානය වසංගත තත්තවය අවසන් වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කර ඇත.

    මෙමගින් අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ටද රූපවාහිනිය මගින් සිය අධ්‍යාපන කටයුතු නිවසේ සිටම හැදෑරීමට අවස්ථාව හිමිවේ.

    ඉදිරියේ දී දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි චිත්‍රාගාර පහසුකම් සැපයීමට නියමිතය අතර දැනට ක්‍රියාත්මක රුපවාහිනී නාලිකා ද්විත්වයට අද තවත් නාලිකා ද්විත්වයක් එක්වන අතර ජනවාරි වන විට නාලිකා සංඛ්‍යාව 10 ක් වනු ඇති.

    Latest News