පාර්ලිමේන්තුව අද රැස්වෙයි

සැප් 07, 2021

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.

    අද පෙරවරු 10.00ට රැස්වෙන පාර්ලිමේන්තුවේ පෙරවරු 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

    පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා අත්‍යාවශ මහජන සේවා පනත යටතේ නියෝගයක්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීමට නියමිතයි.

    එමෙන්ම මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම ද අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

    නිෂ්පාදන බදු පනත යටතේ නියමය, ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් ද අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වෙයි. ඉන් අනතුරුව පස්වරු 04.30 සිට පස්වරු 04.50 දක්වා කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

    පස්වරු 04.50 සිට පස්වරු 05.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනා අනූව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්විමට නියමිතව තිබේ.

    Latest News