2020 සහ 2021 ගුරු විද්‍යාල අවසාන විභාගය කල් යයි

සැප් 07, 2021

    පවතින කොවිඩ් වසංගත තත්වයෙ හේතුවෙන් 2020 සහ 2021 ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

    එම විභාගය මීට පෙර එළඹෙන 21 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබිණ.

    විභාගය පැවැත්වෙන දින, ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා සඳහන් කළේ ය. 

    Latest News