මෙම රැස්වීමට අධ්යක්ෂ ජනරාල් සමඟ බෝග නායකයින් ලෙස කටයුතු කරන ප්‍රධාන කෘෂි විශේෂඥ ඒ.එල්.සිරිවර්ධන, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ එම්.සී.ජයසිංහ, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ සී.කේ.එස්.ටී.කුමාර, ලෝක බැංකුවේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති අධ්යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් සහ අමාත්‍යතුමාගේ උපදේශක නීල් ද අල්විස් යන මහත්වරු සහභාගි වූහ.
“කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු කරලා තිබෙන්නේ විවිධ පැළ හදලා විකුණන්න. මේ නිසා සමස්ථයක් ලෙස මේ රටේ කෘෂිකර්මය පසුගාමී තත්ත්වයකයි තියෙන්නේ. මේක වෙනස් කරන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වන්නේ මෙරට නිෂ්පාදනය කළ හැකි සෑම බෝගයක්ම මෙහි නිපදවිය යුතු බවයි. අල, ලූණු, මිරිස් පිටරටින් ගෙන්වීමේදී විශාල විදේශ විනිමයක් වැය වෙනවා. ඒ මුදල් මෙරට ඉතිරි කර ගන්න පුළුවන්. ඒ සඳහා පෞද්ගලික ආයෝජකයින් ද වැඩි වශයෙන් සම්බන්ධ කර ගෙන මෙරට අල, ලූණු හා මිරිස් අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනය කිරීමේ ඉලක්කය ජය ගත යුතුයි” යැයි ද අමාත්‍යවරයා පැවසීය.
මෙරට වාර්ෂික වියලි මිරිස් අවශ්‍යතාව මෙ.ටොන් 50,000 ක් බව ද, අල අවශ්‍යතාව මෙ.ටොන් 230,000 ක් බව ද, ලූණු අවශ්‍යතාව මෙ.ටොන් 290,000ක් බවද මෙහිදී අනාවරණය විය. එහෙත් මෙම ප්‍රමාණයන්ගෙන් මිරිස් මෙ.ටොන් 500ක්, ලූණු මෙ.ටොන් 60,000ක් හා අල මෙ.ටොන් 80,000ක් ද මෙරට නිපදවන බවත් නව සැලසුම් අනුව ඉදිරි තෙවසර තුළ මෙම මුළු අවශ්‍යතාවයන් ගෙන් මිරිස් 100% ක්ම හා ලූණු 60% ක්ද අල 65% ක්ද මෙරට නිපදවිය හැකි බවත් මේ සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය දැනටමත් ආරම්භ කර ඇති බවත් අනාවරණය විය.
“අපි හැමදාම කියනවා අච්චර නිපදනවා මෙච්චර නිපදවනවා කියලා. ඒ දත්ත මත විශ්වාසය තබා ගෙන ඉන්න බෑ. ඒ නිසා මේ මස අවසාන වන විට යෝජිත ඉලක්ක ජය ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ඒ දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහනට සහභාගි වන ගොවින්ගේ නම් ගම් සහ ඔවුන් වගා කරන ඉඩමේ ප්‍රමාණය ආදී සියලු තොරතුරු ලබා ගෙන ඒ ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට මේ වැඩසටහන අධීක්ෂණය කරන්න අවස්ථාව දෙන්න මම බලාපොරොත්තු වෙනවා” යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.