මව සමග දර කඩන්න ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදහන්

සැප් 06, 2021

    සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩිමට ගිය අවු 25 හැවිරිදි තරුණියක් අතුරුදහන් වි ඇති බව වාර්තාවේ.

    අතුරුදහන් තරුණිය සොයා යුධ හමුදාව, පොලිසිය සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් එක් ව (06) දින උදැසන සිට රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

    මෙසේ අතුරුදහන් වි ඇත්තේ නුවරඑලිය පොලිස් වසමට අයත් ඩන්සිනන් වතු යායේ පහල කොටසේ පදිංචි කට්පුගදාරණි නැමති තරුණියයි.

    ඊයේ උදැසන 9.30 ට පමණ ඩන්සිනන් වතු යායට ඉහලින් පිහිටි ඩන්සිනන් රක්ෂිතයට එම තරුණිය ඇතුල් වු බවත්, එම අවස්තාවේ අතුරුදහන් දියණිය තමන් රක්ෂිතයේ ඉහලට ගොස් දර සොයගෙන එනතෙක් පහල රැදි සිටින ලෙස තමන් පවසා ඇය රක්ෂිතයේ ඉහල කදු මුදුනට ගිය නමුත් යලිත් ඇය පහලට නොපැමිණි බවයි අතුරුදහන් වු තරුණියගේ මව වන එස්.මනෝවනි (58) කියා සිටියේ.

    01_5.jpg

    අතුරුදහන් වු දියණිය රෝග කිහිපයක් සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබන අයෙකු බවත්, මීට පෙර අවස්තා කිහිපයකදි දියණිය අතුරුදහන්ව සිට පසුව සොයාගත් බවද මව විසින් නුවරඑලිය පොලිසිය වෙත පවසා ඇත.

    රක්ෂිතයට පිවිසි දියණිය ඊයේ පස්වරු 2 පමණ වන තෙක් නොපැමිණි නිසා තමන් ඒ පිලිබදව නිවසට පැමිණ අසල්වාසින්ට දැනුම් දිමෙන් පසු ඔහුන්ද ඊයේ පස්වරුවේ සිට අතුරුදහන් වු දියණිය සොයා රක්ෂිතය පුරා මෙහෙයුමක් දියත් කළ බවද මව පැවසිය.

    01_6.jpg

    යුධ හමුදාව , නුවරඑලිය පොලිසියේ නිලධාරින් සහ වතු යායේ වතු කම්කරුවන් පවතින අයහපත් කාලගුණයද නොතකා අද දවස පුරා ඩන්සින් රක්ෂිතයේ කිලෝමිටර් 4 පමණ දුරට මෙහෙයුමක් දියත් කළ ද අතුරුදහන් වු තරුණියන සම්බන්ධයෙන් කිසිදු හොඩුවාවක් සොයා ගැනිමට නොහැකි වු බවද නුවරඑලිය පොලිසිය පැවසිය.

    Latest News