2016 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාමගත් රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ

සැප් 03, 2021

    2016 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගත් රජයේ සේවකයන් සදහාද අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ ප්‍රතිලාභ පිරිනැමිමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබෙ.

    දිනේෂ් ගුණවර්ධන මහතා නිපුනතා සංවර්ධනි රැකිරක්ෂා හා කම්කරු සබඳතා ඇමතිවරයා වශයෙන්ද, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලනි ස්වදේශ කටයුතු හා පළාත් සභා ඇමතිවරයා වශයෙන් ද කටයුතු කළ සමයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඊට අදාල ඇමති මණ්ඩල සංදේශය ඉදිරිපත් කෙරිණි.

    රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයට අයත් සියලු විශ්‍රාමිකයන් සදහා එක් රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමටත් ඔවුන් සදහා මෙම ක්‍රමය අනිවාර්ය කිරිමටත් එමගින් යෝජනා කර තිබිණිි .එම ඇමති මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබිමත් සමග දැනට පවතින ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් සියලු විශ්‍රාමිකයන්ට අදාල වන පරිදි අග්‍රහාර රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරිමට හැකි වී තිබේ. 2016 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගත් 271551 දෙනෙකුටද අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමිවීම විශ්‍රාමිකයන් වෙනුවෙන් රජය ගත් සුවිශේෂී ක්‍රියාමාර්ගයක් ලෙස ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හදුන්වයි.

    Latest News