ලංකා සීනි සමාගමේ මැදිහත්වීමෙන් සීනිවලට සහන මිලක්

අගෝ 27, 2021

    ලංකා සීනි සමාගම හරහා ජනතාවට අවශ්‍ය සීනි සතොස මගින් සහනදායි මිලට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඒ අනූව සතොස හරහා රුපියල් 130ක මුදලකට සීනි ලබාදීමට කටයුතු කරන බවයි.  

    වෙළෙදපොළේ සීනි කිලෝවක් මේ දිනවල අලෙවි වන්නේ රුපියල් 210කටයි. මේ පිළිබඳ අවධානය යොමු කරමින් ලංකා සීනි සමාගම සතොස මගින් අඩු මිලට සීනි ලබා දීමට තීරණය කර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ ද මිල ඉහළ ගිය අවස්ථාවල ලංකා සීනි සමාගමේ නිෂ්පාදන සතොස මගින් පාරිභෝගික ජනතාවට ලබා දීමට පියවර ගැනිණ.
    පැල්වත්ත හා සෙවණගල කර්මාන්ත ශාලාවල සීනි නිෂ්පාදනය කෙරෙන අතර සීනි කිලෝ හත් ලක්ෂ 50,000ක් අද සතොස ආයතනයට ලබාදී තිබේ.
    රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කොවිඩ් රෝගය වැළදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි මාධ්‍යයට මේ බව කියා සිටියේ.

    මේ පිළිබඳ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා...

    "ලංකා සීනී සමාගම හරහා ස.තො.ස. ආයතනයට අපි මේ රටේ ජනතාවට අවශ්‍යය සීනී ප්‍රමාණය ඉතා කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා.වෙලෙද පොලේ මිල කොච්චර වැඩි වුනත් රුපියල් 125 ගානේ ස.තො.ස. ආයතනය හරහා සහනදායී ලෙස මේ රටේ ජනතාවට සීනී ලබා දීමට රජය හැටියට මැදිහත් වෙන්න පුලුවන් ලංකා සීනී සමාගමට ඒක නිසා ලංකා සීනී සමාගම හරහා රජය මැදිහත් වීමෙන් අපි ස.තො.ස. ආයතනයෙන් මේක ලබා දීමට කටයුතු කරනවා.

    එක දිගට මාස පහක් ස.තො.ස. හරහා අපි රු. 115ට සීනී ලබලා දුන්නා.. ඒ වගේම අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවට ඒ සහනය තව දුරටත් දෙන්න.

    අපි බලාපොරොත්තු වෙනවා සිංහල අවුරුද්ද දවස් තුල මාස දෙකක් මේ මිලට සීනී ලබලා දෙන්න.. එදත් සිනි මිල වැඩි වෙලා තිබියදීත් රජය මැදිහත් වීමක් වුනා අපි නැවත වරක් මේ මිල පාලනය කිරීම සදහා අවශ්‍යය සීනී ප්‍රමාණය ස.තො.ස. ආයතනයට ලබලා දීමට කටයුතු කරනවා.."

    Last modified on සිකුරාදා, 27 අගෝස්තු 2021 19:01

    Latest News