"නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට පුළුල් වැඩකොටසක් ඉටුකරනවා" - ජනපති

ඔක් 26, 2018

    යහපත් සහ සදාචාරවත් සමාජයක් සදහා අවශ්‍ය මගපෙන්වීම ති‍්‍රපිටකයේ,බයිබලයේ, කුරානයේ මෙන්ම භගවත් ගීතාවේ ද අන්තර්ගතව ඇති බැවින් ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට සියලූ පාර්ශ්වයන් වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (26) පෙරවරුවේ එක් වෙමිනි.

    රටේ දරු පරපුරට එරෙහි අභියෝග ජය ගැනීමේ දී විභාග මෙන්ම ජීවිත ද ජය ගැනීම සදහා ඔවුන් පුරුදු පුහුණු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා දරුවන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනය ඉහළ නැංවීම එහිදී අත්‍යවශ්‍ය බව ද කියා සිටියේ ය.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට රජය පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටින මෙම අවස්ථාවේ දැයේ දරුවන් දැනුමෙන් මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයෙන් ද යුත් පරපුරක් ලෙස ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බවයි.

    රෝමානු කතෝලික සභාව විසින් ගම්පහ දේවස්ථාන භූමියේ ආරම්භ කළ සිරිකුරුස විද්‍යාලයට මේ වන විට පුරා වසර 90 කි. රටට යහපත් පුරවැසියන් රැුසක් දායාද කළ ගම්පහ සිරිකුරුස විද්‍යාලය දරුවන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමට හා දරුවන්ගේ ජීවිතවල යහපත් පරිවර්තනයක් උදෙසා වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කරමින් සිටි.

    අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

    ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ‍්‍රයේ සකුරා පැළයක් ද රෝපණය කෙරිණි.

    අනතුරුව ජනාධිපතිතුමා වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක් වූ අතර, විවිධ අංශවලින් විද්‍යාලයට ගෞරවයක් අත්කර දුන් සිසුවියන්ට එහි දී ජනාධිපතිතුමා අතින් වර්ණ ප‍්‍රදානය කෙරිණි.

    විද්‍යාලයීය වාර්ෂික සගරාව ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර විදුහල්පතිනි දර්ශිකා පැවිදි සොයුරිය ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්නුවා ය.

    ගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප‍්‍රමුඛ පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් ද, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ගම්පහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අජිත් බස්නායක, ගම්පහ නගරාධිපති එරන්ද සේනානායක, ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් සුනිල් ජයලත්, ආයුර්වේද වෛද්‍ය හර්ෂ ධර්මවිජය යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද විද්‍යාලයේ ආදි සිසුන්, දෙමව්පියන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Sirikurusa2 750px 18 10 26

    Sirikurusa3 750px 18 10 26

    Sirikurusa4 750px 18 10 26

    Sirikurusa5 750px 18 10 26

    Sirikurusa6 750px 18 10 26

    Sirikurusa7 750px 18 10 26

    Sirikurusa8 750px 18 10 26

    Latest News