පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි

අගෝ 23, 2021

    පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණා.

    එහි ව්‍යාපාරික සංගමය සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් අනුව වෙළෙඳ සංකීර්ණයේ කටයුතු සිදුකෙරෙන බවයි.

    පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ, මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තොග වෙළෙඳාම පමණක් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය විවෘතව තැබෙන බවයි.

    මේ අතර දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබන බව ඊයේ රජය නිවේදනය කරනු ලැබීය.

    Latest News