සම්බුද්ධ පරිනිර්මාණයෙන් පසු ධර්මයේ චිරස්ථිතිය උදෙසා ප්රථම ධර්ම සංගායනාව රජගහ නුවරදී පැවැත්වුණේ නිකිනි පුර පසළොස්වක පොහොය දිනකයි. එය සිදු කෙරුණේ, එදින රහත්භාවය ලැබූ ආනන්ද මහ තෙරුණ් ඇතුළු රහතන් වහන්සේ 500 නමකගේ වැඩම වීමෙන්. ආනන්ද හිමියන් ශ්රී සද්ධර්මය ද උපාලි හිමියන් විනය ද ඉදිරිපත් කළ බව, ශාසන ඉතිහාසයේ සඳහන්.
පෙරවස් සමාදන් නොවූ භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීමේ විනය කර්මය ද සිදු කෙරෙන්නේ, කිනිණි පොහොය දිනයේදී. නිකිණි පොහොය දිනය දරමිට් පොහොය ලෙස ද හඳුන්වනු ලබයි. ඒ, සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතිකාංගයක් ලෙසයි.
අතීතයේදී ශ්රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින උඩමළුව සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හා වන සතුන්ගෙන් රැක ගැනීමට උඩමළුව වටකොට පහත ගිනිමැල දක්වා නිදිවර්ජිතව ක්රියා කර තිබේ. අද දින ද දරමිටි පෙරහැර පැවැත්වේ.