සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට අනුමැතිය

අගෝ 18, 2021

    දැනට වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව පාකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ විධිවිධාන අනුගමනය කරමින් සහල් ආනයනය කිරීමට නියමිතයි.

    වෙළෙද අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    Latest News