රෝහල් ඇඳන්වලින් 50%ක් කොවිඩ් රෝගීන්ට වෙන් කරන්න චක්‍රලේඛයක්

අගෝ 11, 2021

    වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ සියලු රෝහල්වල ඇඳන්වලින් සියයට පනහක් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර තබාගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.



    හදිසි රෝගීන්, ගැබිනි මව්වරුන් ආදීන් සඳහා සිදු කරන ශල්‍යකර්ම හා සිසේරියන් සැත්කම් ආදී එදිනෙදා සිදුකරන සාමාන්‍ය කටයුතුවලට බාධා නොවන පරිදි කොවිඩ් රෝගීන්ට රෝහල්වල ඉඩ තබා ගැනීම සඳහා මෙම පියවර ගත්බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

    මීට අමතරව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහල්වල ප්‍රතිකාර ලබා සුවය ලබන රෝගීන් අමතර ප්‍රතිකාර සඳහා අතර මැදි රෝහල් වෙත යොමු කර ප්‍රධාන රෝහල්වල අලුත් කොරෝනා රෝගීන්ට නිරන්තරයෙන් ඉඩ සලසා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද ඒ මහතා කීය.

    Latest News