පූර්ණ එන්නත්කරණයට ලක්වූ 90%කටම කොවිඩ් බලපෑම අවම බවට අනාවරණයක්

අගෝ 10, 2021

    පූර්ණ වශයෙන් එන්නත් ලබාගත් පුද්ගලයින්ට කොවිඩ් රෝගයෙන් එල්ලවන බලපෑම ඉතා අවම බව, අමෙරිකාවනු සමීක්ෂණයකින් යළිත් තහවුරු වී තිබේ.

    එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ, පූර්ණ වශයෙන් එන්නත්කරණය වූ පුද්ගලයින් 99.99%කට කොරෝනා ආසාදනයෙන් මිය යාම හෝ බරපතල තත්වයට පත්වී රෝහල් ගත වීම අවම බවයි.

    අගෝස්තු දෙවැනිදා වන විට අමෙරිකාවේ පූර්ණ වශයෙන් එන්නත්කරණය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 164කට අධිකයි. ඊට සාපේක්ෂව කොවිඩ් හේතුවෙන් මියගොස් ඇත්තේ, 1500ක් වැනි සුළු පිරිසක් පමණයි.

    එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 0.001ක් තරම් ඉතා සුළු අගයක්. ඔවුන්ගෙන් රෝහල් ගතවීමට තරම් බරපතල තත්වයක් ඇති වී ඇත්තේ 7,100ක පමණයි. එය සියයට 0.005ටත් වඩා අඩු අගයක්.

    එන්නත්කරණයෙන් ඇති වන ආරක්ෂාව ඉතාමත් ඉහළ බවයි, අමෙරිකානු රෝග පාලන සහ මර්දන මධ්‍යස්ථානයේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ. අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්ත වන්නේ එන්නත්කරණය නිසි ලෙස සිදු නොවූ ප්‍රදේශවල බවයි, වාර්තා වන්නේ.

    ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය දින තුන තුළ අමෙරිකාවේ කොරෝනා රෝගීන් හමුවේ සාමාන්‍ය ලක්ෂ ඉක්මවයි.

    Last modified on අඟහරුවාදා, 10 අගෝස්තු 2021 16:12

    Latest News