මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද

අගෝ 09, 2021

    මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් කප් සිටුවීම අද සිදු කෙරිණ.

    ඒ අලුයම 1.09ට යෙදුණු සුබ නැකතට අනූවයි. ඉපැරණි චාරිත්‍ර අනූව අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේ සිට ඊයේ පෙරහැරකින් රැගෙන ආ කප,නාථ,විශ්ණු,කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලවලට බෙදා දීම සිදු කෙරිණ.

    අද අලුයම යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සිදු කෙරුණේ,පුරාණ චාරිත්‍රවලට අනුකූලවයි. දේවාලයේ කප් සිටුවීමේ අවස්ථාවට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එක්ව සිටියි.

    කප් සිටුවීමෙන් අනතුරුව සිව් මහා දේවයන්හි අභ්‍යන්තර පෙරහැර 5ක් ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන්නේද, ඉපැරණි සම්ප්‍රදායන්ට අනුකුලවයි. මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ලබන 13 වැනි දින වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

    Latest News