කොළඹ එන්නත්කරණ වැඩසටහන අදත්

අගෝ 09, 2021

    මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් කොළඹ නගරයේ පුද්ගලයින් සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන අදත් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ආශ්‍රිතව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ, අනූව වසය අවුරුදු 30ට වැඩි කොළඹ නගරයේ පදිංචි පුද්ගලයින්ට මෙහිදී එන්නත් ලබා ගත හැකියි. එය සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා පොලීසියේ මැදිහත් වීමෙන්. ශ්‍රී ලංකා පොලීසියේ බටහිර තූර්ය වාදක කණ්ඩායම පැමිණෙන පුද්ගලයින්ගේ මානසික සුවය උදෙසා සංගීත ප්‍රසංගද පවත්වයි. 

    මෙම වැඩසටහන අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

    Latest News