එන්නත්කරණයට ප්‍රවාහන පහසුකම් නොමිලේ

අගෝ 06, 2021

    එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සදහා ප්‍රවාහන අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර හිමිවේ.

    ඒ ගමන් වාර පනස්දහසක් සපයන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා ඌබර් ශ්‍රී ලංකා සමාගමේ එකගත්වය පළ වෙයි. කොළඹ, ගම්පහ, කඵතර හා මහනුවර දිස්ත්‍රික්කවල කොරෝනා ප්‍රතිකාර රාජකාරිවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා දැනට ක්‍රියාත්මක නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමෙ වැඩසටහනේ ප්‍රගතිය දැනුම්දීම සදහා අරලියගහ මන්දිරයේ ඊයේ පැවති හමුවේදී එම එකගත්වය පළ විය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් ජනතාව ආරක්ෂා කිරීමට දිවා රෑ නොබලා සේවා සපයන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කාර්යභාරය අගමැතිවරයාගේ ඇගයීමට ලක්විය. ජනතාවගේ ජිවිත ආරක්ෂා කර ගැනීම සදහා එන්නත්කරණ වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතු බවද ඔහු පෙන්වා දී ඇත.

    Latest News