මෙරට මුඛ පිළිකා රෝගීන් 9 ගුණයකින් ඉහළ ගිහින්

ජූලි 27, 2021

    ශ්‍රී ලංකාවේ පසුගිය වසර 20 ඇතුළත මුඛ ශ්ලේෂ්මල ෆබ්‍රොසියා (Mucous fibrosis) රෝගීන් නව ගුණයකින් වැඩි වී ඇති බව ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි. පුවක් භාවිතය මීට ප්‍රධාන හේතුවයි.

    ජාතික පිළිකා මර්දන ඒකකය පවසන්නේ, ලොව පුරා පුවක් හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන්නන් මිලියන 600ක් පමණ සිටින බවයි. 2004 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය පුවක් පිළිකා කාරකයක් බවට ප්‍රකාශයට පත් කෙරිණ.

    පුවක් ආශ්‍රිත නිෂ්පාදන දීර්ඝ කාලයක් පුරා භාවිත කිරීමෙන් මුඛ පටක ආපසු හැසිරවිය නොහැකි පරිදි වෙනස් වීමකට භාජනය වන අතර එය මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රොසියා ලෙස හැදින් වෙයි.

    පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිත කර ඇත්නම් හෝ දැනටමත් භාවිත කරන්නේනම් නොපමාව වෛද්‍යවරයෙකු ලවා සායනික මුඛ පරීක්ෂාවක් සිදු කර ගන්නා ලෙස ජාතික පිළිකා මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News