මිලිමීටර් 100ට වැඩි තදවැසි - කාලගුණයෙන් නිවේදනයක්

ජූලි 26, 2021

    අද (26) පෙරවරුවේ සිට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.



    තුම්මුල්ල, කින්සි පාර සහ ආමර් වීදිය යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අද දිනයේ මිලිමීටර් 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බවය.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට එලෙස වැසි පවතින බව නිවේදනය කරයි.

    Latest News